Skip to main content

The zoo



එක්තරා සත්තු වත්තක හැමෝගෙම ජනාදරයට පත් ගෝරිල්ලෙක් හිටියාලු. හැමෝම වගේ ඒ සතාගේ දස්කම් බලන්නට විශේෂයෙන්ම එනවා. නමුත් හදිසි රෝගයකින් එක්වරම ගෝරිල්ලා මියගියා. හැමෝම ආදරය කරපු ගෝරිල්ලාගේ ෂෝ එක මේකෙන් නවතින නිසා වෙනත් ගෝරිල්ලෙක්වත් ගන්න ඕනෑ කියලා හිතුවාට මේ සත්තු වත්තට ඒ සඳහා සල්ලි තිබුණේ නැහැ. අන්තිමට තීරණය වුණේ ඒ විධියට ඇඳගත්ත කෙනෙක් යොදවන්නයි. ඉතින් කෙනෙක් ගෝරිල්ලෙක් විධියට ඇඳගෙන විවිධ දස්කම් දැක්වූවා. මනුස්සයෙකුට සමාන හැසිරීම් තිබෙන මේ ගෝරිල්ලා තව තවත් ජනප්‍රිය භාවයට පත්වුණා..

දවසක් වැඩි වැඩ දාන්න ගිහින් ගෝරිල්ලා, සිංහ කූඩුවක් උඩට වැටුණා. ගෝරිල්ලෙක් වගේ අමාරුවෙන් එතනින් පැන ගන්නට ගියත් අන්තිමට අත ලිස්සලා කූඩුව ඇතුලටම වැටුණා. බලන්න ආපු අයත් බොහොම බය වෙලා බලාගෙන හිටියේ මොනවා වෙයිද කියලායි. දකුණු පසින් සිංහයා ටික ටික කිට්ටු වෙනවා. වම් පසින් කූඩුවෙන් පැනගන්න ගෝරිලි මිනිසා උත්සාහ දරනවා. දකුණු පසින් සිංහයා රෞද්‍රව ගොරවනවා. වම් පසින් ගෝරිල්ලාට බය වැඩිකමට “බුදු අම්මෝ” කියලා කෑ ගැහුණා. මෙයා මෙහෙම කෑ ගහද්දී එකපාරම සිංහයා ගෝරිල්ලාගෙ ඇඟට පැන්නා. පැනලා කණට ළං වෙලා කිව්වාලු: “තමුසෙ හදන්නේ අපි දෙන්නාගෙම ජොබ් එක නැති කරන්නද? කට වහන් ඉන්නවා”

 

Comments

Popular posts from this blog

Love

ගොවිතැන් නගා උඹ මට කැමතිනම් මම උඹව යල මහ දෙක වගා කරනව වගේ ආදරෙන් බලාගන්නවා. කොන්දොස්තර ඔය නංගිට අපේ ගෙදරටම ටිකට් එකක් කඩන්නද මාරු සල්ලිනම් නෑ හැබැයි. මාකර්ටින් ඔයත් හරියට මට කවදාවත් Cover කරන්න බැරි Target එකක් වගේ නංගියා ලෝයර් ඔයා මට නඩුවක් වෙන්න නංගියා මම ඔයාව ඉඩම් නඩුවක් වගේ අදිනවා ජීවිත කාලෙම දොස්තර මගේ හදවත නැමති ඉස්පිරිතාලේ ඔයා ඇවිත් ඇඩ්මිට් වෙන්න නංගි මන් බලන් ඉන්නවා පාතාලේ තනිකම රජ කරපු මගේ හිතට ඇප දීල නිදහස් කලේ උඹයි කෙල්ලෙ

Taitanic

Taitanic එක්තරා වයසක පුද්ගලයෙක් ටයිටැනික් නැව ගිලෙන බව කලින්ම දැනගත්තා. ඉතින් එහෙම දෙයක් දැනගත්තාම ඒක අනිවාර්යයෙන්ම අනිත් අයට කියන එක හොඳයිනේ. මේ මනුස්සයාත් ඉතින් ඉක්මණට ඉක්මණට හැම කෙනෙක් ළඟටම ගිහින් කිව්වා “මේ නැව ගිලෙන්න යන්නේ” කියලා. ඒත් කවුරුවත් ගණන් ගත්තේ නැහැ. සමහරු ඔහුට හිනාවුණා. අහක බලා ගත්තා. ඒත් ඔහු තමන්ගේ ව්‍යර්ථය අතහැරියේ නැහැ. දිගින් දිගටම කෑ ගසමින් අනිත් අය දැනුවත් කළා. මේක කරදරයක් ලෙස සලකපු මිනිස්සු මේ ගැන පොලීසියට දැනුම් දුන්නා. ඊට පස්සේ පොලීසියෙන් ඇවිත් මේ මනුස්සයාව ෆිල්ම් හෝල් එකෙන් එළියට ඇදලා දැම්මා.

Bar

ඇමෙරිකාවේ බාර් එකක ඩ්‍රින්ක් එකක් දාන ගමන් අපේ පොරක් ඇමරිකන් කාරයෙක් සෙට් උනා.... ටික වෙලාවකින් අපේ එකා "ඔයා දන්නවද ? ....අපේ අම්මලා මම කවදාවත් දැකලා නැති.....කවදාවත් ගෙදරින් එළියට බැහැල නැති කෙල්ලෙක්ව මට බන්දලා දුන්න... ඒකී ආදරේ ගැන මෙලෝ දෙයක් දන්නේ නෑ මට නම් දැන් එපා වෙලා ඉන්නේ" කිව්වලු මේක අහපු ඇමෙරිකන් පොර  " තමුසෙ මගුලක් කතා කරනවා...මම බැන්දෙ අවුරුදු 3ක් ආස්සරේ කරලා...මිනිහා මැරුණ ගෑනියෙක් " " ටික දවමකින් අපේ තාත්තා මේකිගෙ දුව එක්ක යාලු වෙලා ඒ දෙන්නත් බැන්දා දැන් තාත්ත මගේ බෑනා...මම තාත්තාගෙ මාමා....බැන්ද කෙල්ල මගේ අම්මා...මගේ ගෑනී මගේ ආච්චි වෙලා" ප්‍රශ්නෙ තවත් වැඩි උනා අපිට පුතෙක් හම්බුනාම....මගේ පුතා තාත්තගෙ මල්ලී....එතකොට ඌ මගේ බාප්ප" " ඒක තවත් දරුණු වුනේ තාත්තාගේ ගෑනිට දුවෙක් හම්බුනාම....දැන් තාත්තාගෙ දුව මගේ නංගි...එතකොට ඒකී  මගෙයි ගෑනිගෙයි මිණිබිරී " " අන්තිමට බලාගෙන ගියාම මම මගේම සීයත් වෙලා මගේම මුණුබුරාත් වෙලා.....තෝ එනවා පවුල් ප්‍රශ්න කියන්න.